කමලා හැරිස් ජනපති සටනින් ඉවත් වෙයි



රිපබ්ලිකන් පක්ෂ ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට අභියෝගයක් වීමට උත්සාහ ගනිමින්, ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින්, ලබන 2020 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට සූදානම් වූ කමලා හැරිස් කියා සිටියේ, තමන් ජනපතිවරණ සටනින් ඉවත් වන බවය.

55 හැවිරිදි කමලා හැරිස්, ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දැඩි ලෙස විවේචනය කළ අයෙකු වූවාය. ජනපතිවරණයට ඉදිරිපත් වන බව නිවේදනය කරමින්, කමලා හැරිස් ඇගේ ඡන්ද ව්‍යාපාරය ආරම්භ කළේ පසුගිය ජනවාරියේය.

අප්‍රිකා ඇමෙරිකා සම්භයවක් ඇති තැනැත්තියක ද වන කමලා හැරිස් ඊයේ නිවේදනය කළේ මැතිවරණ කටයුතු ඉදිරියට කරගෙන යෑමට ප්‍රමාණවත් මුදල් ආධාර තමන්ට නොමැති හෙයින් අකමැත්තෙන් වුවත්, ඡන්ද සටනින් ඉවත් වන බවය. තමන් ඡන්ද සටනින් ඉවත් වීම සම්බන්ධයෙන් සියලුම ආධාරකරුවන්ගෙන් සමාව ඇයැදීමට ද කමලා හැරිස් අමතක නොකළාය.

ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් අපේක්ෂකයෝ 16  ජනපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටිති. ඔවුන් අතරින් අවසානයේ 6 දෙනකු තෝරා ගැනෙයි. ඒ පක්ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසුමකින්. එම හය දෙනාගෙන් අවසානයේ දී එක් අපේක්ෂකයකු තෝරා ගැනීම සිදුවෙයි.

ඇමෙරිකාවේ කෝටිපති ව්‍යාපාරික මයික් බ්ලූම්බර්ග් පවා ඩිමොක්‍රටික් පක්ෂය නියෝජනය කරමින් ජනපති සටනට එක් වී සිටී.

වොෂින්ටනයේදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS