ඕපාදූප කතා කරලා



නේටෝ 70 වැනි සංවත්සරය නිමිත්තෙන්, බකිංහැම් මාලිගයේ රාත්‍රී භෝජන සංග්‍රහයට එක් වුණු නේටෝ රාජ්‍ය නායනයන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ඕපාදූප කතා කළ බවත්, ජනපති ට්‍රම්ප්ට උසුළු විසුළු කරන්න ඇති බවත් ප්‍රධාන පෙළේ ජගත් පුවත් සේවා රැසක් වාර්තා කර තිබේ.

භෝජන සංග්‍රහය සංවිධානය කර තිබුණේ දෙවැනි එලිසබත් මහ රැජිනය. ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බකිංහැම් මාලිගයට පැමිණියේ සෙසු රාජ්‍ය නායකයන් සහ සම්භාවනීය අමුත්තන්ගේ පැමිණීමෙන් පසු ප්‍රමාද වෙමිනි. මැක්රොන්ගේ ප්‍රමාදය ගැන බි්‍රතාන්‍ය අගමැති ජොන්සන්, කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ, නෙදර්ලන්ත අගමැති මාක් රූට් සහ ඈන් කුමරිය මැක්රොන් වට කර ගනිමින් කරුණු කාරණා විමසන්න වූහ.

පිරිස යම් අයකු ගැන උසුළු විසුළු කරන්න වූ අතර, එම වීඩියෝ දසුන් අල් ජසීරා ඇතුළු ලොව ප්‍රධාන පෙළේ පුවත් නාළිකා ඔස්සේ විකාශය කෙරුණි. එම පුවත් නාළිකා අනාවරණය කළේ පිරිස විහිළු කරන්න ඇත්තේ ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සම්බන්ධයෙන් කියාය.

(අල් ජසීරා)


RECOMMEND POSTS