ඔස්ටි‍්‍රයාවේ නියෝජ්‍ය චාන්සල්වරයා ධුරයෙන් ඉවතට



ජනතා විරෝධය හමුවේ ඔස්ටි‍්‍රයාවේ නියෝජය චාන්සල්වරයා වන හයින්ස් කි‍්‍රස්ටියන් ස්ට‍්‍රාක සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ කඩිනමින් මැතිවරණයක් පවත්වන බව ඔස්ටි‍්‍රයා චාන්සල්වරයා සෙබැස්තියන් කර්ස් නිවේදනය කළේය.

හෙයින්ස් කි‍්‍රස්ටියන් ස්ට‍්‍රාක අන්ත දක්ෂිණාංශික දේශපාලනඥයෙකි. මොහු යුරෝපා පාර්ලිමේන්තුව ද නියෝජනය කරයි. යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය ඇත්තේ තව දින කිහිපයක් පමණි. යුරෝපා පාර්ලිමේන්තුවේ අන්ත දක්ෂිණාංශික කණ්ඩායමට නායකත්වය දුන් ප‍්‍රබල චරිතය ලෙස සැලකුණේ ද ස්ට‍්‍රාක ය.

ස්ට‍්‍රෑෂ් ට ජනතා විරෝධයක් වූයේ මීට වසර දෙකකට පෙර සිදුවුණු සිදුවීමක් මාධ්‍ය ඔස්සේ අනාවරණය වූ නිසාය. 2017 වසරේ දී ඔස්ටි‍්‍රයා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්විණි.
මැතිවරණයට පෙර ස්ට‍්‍රාක, ඉබිසා දූපතේදී , රුසියන් බැංකුකරුවකු ලෙස පෙනී සිටි අයකු හමුවී ඇත. ඒ, රහසේය. එහිදී ස්ට‍්‍රාක පවසා ඇත්තේ තමන් මැතිවරණ ව්‍යාපාරයට මූල්‍ය අනුග‍්‍රහය දෙන්නේ නම්, රජයට ලැබෙන සියලූ කොන්ත‍්‍රාත් කටයුතු එම බැංකුකරුට ලබා දීමට කටයුතු කරන ලෙසය.

සිදුවුණු මෙම කතාබහ ඇතුළු සියල්ල බංකුකරු ලෙස පෙනී සිටි එම පුද්ගලයා විසින් රහසේ රූගත කර ඇති අතර, පසුගිය දා එම දසුන් ජර්මනි මාධ්‍ය ලොවට අනාවරණය කළේය. ‘ඉබිසා හුටපටය’ හේතුවෙන් 49 හැවිරිදි නියෝජ්‍ය චාන්සල්වරයා ස්ට‍්‍රාක ට ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවූයේ ඒ අනුවය.

වියානාහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS