ඔස්ට්‍රේලියාවේ ආසාදිතයන් අඩුවෙයි



ඔස්ට්‍රේලියාවෙන් ඉරිදා පෙරවරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී නව කොරෝනා වයිරස ආසාදිතයන් 14 දෙනකු හඳුනාගත් බව එරට සෞඛ්‍ය බලධාරීහු කියති.

ඒ අනුව එම ගණන මාස තුනකට පසු ඔස්ට්‍රේලියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ අඩුම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද එරට සෞඛ්‍ය අංශ පෙන්වාදෙති.

ඔස්ට්‍රේලියාව තුළ නව කොරෝනා වයිරසයේ දෙවැනි රැල්ලක් ඇති වූ අතර විශේෂයෙන්ම මෙල්බර්න් නුවර වයිරසය වේගයෙන් පැතිර යන්නට පටන් ගත්තේ ය. වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ඇතුළු එරට බලධාරීහු දැඩි ‘ලොක්ඩවුන්’ සීමා පැනවූහ.

සෙනසුරාදා දිනයේදී වයිරස ආසාදිතයන් 21 දෙනකු හඳුනාගත් බව ද එම ගණන ජූනි මස 21 වැනිදායින් පසුව වාර්තා වූ අඩුම වයිරස ආසාදිතයන්ගේ ගණන යැයි ද ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීහු කීහ.

මෙල්බර්න් යනු ඔස්ට්‍රේලියාවේ දෙවැනියට විශාලම ජනගහනයක් වෙසෙන වික්ටෝරියා ප්‍රාන්තයේ අගනුවරයි. වික්ටෝරියා ප්‍රාන්තය මාස ගණනාවක් මුළුල්ලේ දැඩි ‘ලොක්ඩවුන්’ සීමාවලට යටත්ව සිටි.

 රොයිටර්ස්


RECOMMEND POSTS