ඔබාමා රක්ෂණය ව්‍යවස්ථාවට විරුද්ධයි



ඩොනල්ඞ් ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූ ඩිමොක්‍රටික් පාක්ෂික බැරැක් ඔබාමා විසින් හඳුන්වා දී ක්‍රියාත්මක කළ ‘ඔබාමා කෙයාර්’ සෞඛ්‍ය වැඩපිළිවෙළ ඇමෙරිකන් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් යැයි ටෙක්සාස් ජනපද මධ්‍යම අධිකරණ විනිසුරුවරයෙක් තීන්දු කර ඇත.

ඇමෙරිකානු පුරවැසියන්ට රෝහල්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට නම් රක්ෂණයක් අවශ්‍ය වන අතර, එම රක්ෂණය හැමෝටම ලබා ගත නොහැකිය. ඊට පිළියමක් ලෙස ජනපති ධුරයට පත්වුණු ඔබාමා, ‘ඔබාමා කෙයාර්’ යන නමින් නව සෞඛ්‍ය රක්ෂණ වැඩපිළිවෙළක් හඳුන්වා දුන්නේය.

‘ඔබාමා කෙයාර්’ යටතේ ලියාපදිංචි වූ පිරිස මිලියන 12 ඉක්මවයි. ටෙක්සාස් මධ්‍යම අධිකරණ විනිසුරුවරයා දුන් එම තීන්දුව සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනවක් ඉදිරිපත් කිරීමට නියමිත බව ද ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS