ඔබාමා පවුල ධවල මන්දිරයෙන් යයි



 

ඇමෙරිකාවේ 44 වැනි ජනාධිපති මෙන්ම පළමු කළු ජාතික ජනාධිපතිවරයා ද වන බරැක් ඔබාමා ජනපති මන්දිරය හෙවත් ධවල මන්දිරයේ සිට උදෑසන අවදිවන අවසන් දිනය අද වනු ඇති බවත්, අද රාත්‍රිය වනවිට නව ජනාධිපති ලෙස දිවුරුම් දී වැඩ බාර ගන්නා ඩොනල්ඞ් ට්‍රම්ප් ධවල මන්දිරයේ පදිංචියට පැමිණෙනු ඇති බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ධවල මන්දිරයට සමුදීමෙන් පසු ඔබාමා, බිරිය මිෂෙල් සහ දියණියන් පදිංචිය සඳහා වොෂින්ටන් අගනුවර මන්දිරයක් තෝරා ගනු ඇති බවත් එම මන්දිරයේ වටිනාකම ඇමෙරිකන් ඩොලර් මිලියන 5.3 ක් බවත් වාර්තා වේ.

ඔබාමා පවුල දිගටම වොෂින්ටන් අගනුවර රැඳී සිටිනු ඇත්තේ ඔබාමාගේ බාල දියණිය සාෂා තවමත් පාසල් අධ්‍යාපනය ලබමින් සිටින නිසාත් ඇය යන්නේ වොෂින්ටනයේ උසස් පාසලකට නිසාත්ය. ඔබාමාගේ ධවල මන්දිර බලුසුරතලුන් දෙදෙනා වන බෝ සහ සනී ද මෙම නව නිවසේ පදිංචියට යනු ඇතැයි පැවැසෙයි. ඔබාමා පවුලේ  නව නිවස පිහිටා වොෂින්ටන් අගනුවර කලෝරාමා පළාතේය. එය කාමර අටකින් සමන්විතය.

(රොයිටර්)


RECOMMEND POSTS