ඔකී මුම්බායි කලඹයි



ඔකී සුළි කුණාටුවෙන් ඉන්දියාවේ මුම්බායි නුවරට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, නගරයේ පාසල් වසා දැමීමට බලධාරීන් කටයුතු කර ඇති බවත් ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

ඔකී සුළි කුනාටුව මහ වැසි ද සමඟ ඉන්දියාවේ ප්‍රධාන වෙළෙඳ නගරය ලෙස සැළකෙන මුම්බායි වෙත කඩා වැදුණේ තමිල්නාඩුව සහ කේරළය පසු කරමිණි.

මුම්බායි නුවර දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ වී ඇති බව පැවැසෙයි. මේ වනවිට සුළි කුණාටුව හේතුවෙන් මියගිය ගණන 22 කි. දහස් ගණනකට උන්හිටිතැන් අහිමි විය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS