ඒෂියා බිබී කැනඩාවට



ඉස්ලාම් දහමට නිගරු කළේ යැයි 2010 වසරේ මරණ දඬුවම නියම වී, පසුව පාකිස්තාන ශ්‍රේෂ්ඨාධිකරණය මගින් දෙවරක් නිදහස් කරනු ලැබ සිටි පාකිස්තාන ක්‍රිස්තියානි තරුණිය ඒෂියා බීබි කැනඩාව බලා ගොස් ඇත.

කැනඩාවට යෑමට ඇයට අධිකරණයේ අවසර හිමිවුණු බව ද වාර්තා වේ. ඉස්ලාම් දහමට නිගරු කළේ යැයි ඇය සමඟ අත්අඩංගුවට ගත් තවත් ක්‍රිස්තියානි පුද්ගලයන් 40 දෙනකුට දඬුවම් නියම වී බන්ධනාගාරගතව සිටින බව ද වාර්තා වේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS