එවරස්ට් තරණය කළ පළමු කළු ජාතික කාන්තාව



දකුණු අප්‍රිකා කළු ජාතික කාන්තාවක වන සරේ කුම්මාලෝ පළමු වරට පසුගිය දා එවරස්ට් ශිඛරය තරණය කළාය.

47 හැවිරිදි කුම්මාලෝ ව්‍යාපාර විධායක නිලධාරිනියක ලෙස රැකියාව කරයි. ඇගේ විනෝදාංශය කඳු තරණයයි. ඇය මීට පෙර ටැන්සිනියාවේ කිලිමංජාරෝ, ආජන්ටිනාවේ ඇකොනාගුවා සහ රුසියාවේ එල්බෘස් යන ශිඛර තරණය කර ඇත.

කුම්මාලෝ මීට පෙර අවස්ථා තුනකදී මිටර් 8,848 ක් උස එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට උත්සාහ දරා ඇති නමුත් එම අවස්ථා තුනම අසාර්ථක වූ බව පැවැසෙයි.

එවරස්ට් මුදුනට ගිය පළමු කළු ජාතික කාන්තාව ලෙස ඉතිහාසයට එක්වීම ගැන තමන් සතුටට පත්වන බවත්, අවස්ථා තුනක් අසාර්ථක වුවත් තමන් උත්සාහය අත් නොහැරිය බවත්, අවසානයේදී තමන්ට නොසිතූ ලෙස ජීවිතය සාර්ථක කර ගැනීමට හැකිවුණු බවත් කුම්මාලෝ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

පළමු වරම කළු ජාතික පිරිමියකු එවසර්ට් ශිඛරය මුදුණට ගියේ 2003 දීය. එම වික්‍රමය කළේ ද දකුණු අප්‍රිකානුවෙකි. ඔහු වන අඩවි නිලධාරියකු ද වන සිබුසියෝ විලේන්ය.

ජොහැන්නස්බර්ග්හිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS