එන්නත් වැඩසටහන 16 වැනිදා



ඉන්දියාවේ මහ පරිමාණ ‘කොවිඩ්-19’ එන්නත්කරණ වැඩසටහන ලබන16 වැනිදා ආරම්භ කරන බව එරට සෞඛ්‍ය අමාත්‍ය නිවේදනය කළේය.

එන්නත ලබාදීමේදී සෞඛ්‍ය සේවකයන්ට මුල්තැන ලබාදෙන අතර කෝටි තුනකට ආසන්න සෞඛ්‍ය සේවකයන් පිරිසකට මුල් අදියර යටතේ ‘කොවිඩ්-19’ එන්නත ලබාදීමට නියමිත ය.

ඊට අමතරව ‘කොවිඩ්-19’ මර්දනයේදී ඉදිරිපෙළ සිටින සෞඛ්‍ය සේවකයන්, පොලිසිය, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු අනෙකුත් සේවකයන්ට සහ වයස අවුරුදු 50ට වැඩි අය ඇතුළු තවත් කෝටි 27කට ද මුල් අදියර යටතේ එන්නත ලබාදෙන බව ද ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

රටේ වසංගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහභාගීත්වයෙන් පැවැති සමාලෝචන රැස්වීමකදී මේ බව නිවේදනය කෙරුණි.

ඉන්දියාව මේ වනවිට ‘කොවිඩ්-19’ එන්නත් දෙකකට අනුමැතිය ලබා දී තිබේ. මෙම එන්නත් ‘කොවිෂීල්ඩ් සහ කොවැක්සින්’ යනුවෙන් හැඳින්වේ.

ඉන් එකක් බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඔක්ස්ෆර්ඩ් සරසවිය නිෂ්පාදනය කළ එන්නත වන අතර අනෙක භාරත් බයෝටෙක් සමාගම නිකුත් කළ කොවිඩ්-19 එන්නත ය.

මෙම එන්නත දෙකම ඉන්දියාව තුළ නිෂ්පාදනය කෙරේ.

ද හින්දු


RECOMMEND POSTS