එන්නත් ලබා දෙන්න ‘ෆයිසර්’ ඇපකර ඉල්ලලා



‘කොවිඩ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීමේදී ඇමෙරිකාවේ ‘ෆයිසර්’ සමාගම, ඇතැම් රටවලින් හමුදා කඳවුරු, තානාපති කාර්යාල ඇතුළු ස්වාධිපත්‍යයට හිමි දේපළ ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය අනාවරණය කර තිබේ.

‘ෆයිසර්’ ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමක් වන අතර, ඔවුන් එන්නත නිපදවා ඇත්තේ ජර්මනියේ ‘බයෝ ඇන්ටෙක්’ ඖෂධ නිෂ්පාදන සමාගම සමඟ එක් වෙමිනි.

සියයට 95 ක් සාර්ථක, බටහිර රටවල් බොහොමයක භාවිතයට ගන්නේ ද මෙම එන්නතය. ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ට ලබා දී ඇත්තේ ද මෙම ‘ෆයිසර්’ එන්නතය.

බ්‍රසීලය, ආජන්ටිනාව යන රටවල් ‘ෆයිසර්’ එන්නත් මිලදී ගැනීමට නියමිතව සිටි බවත්, පසුව එම තීරණය වෙනස් කර ඇත්තේ ද ‘ෆයිසර්’ සමාගම ඇපකර ඉල්ලා සිටි නිසා යැයි ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

නවදිල්ලියේදීය (ඉන්දීය පුවත් සේවා)


RECOMMEND POSTS