උදර්පණ නීති සංශෝධනය නවතී



එල්ල වූ ජනතා විරෝධතා හේතුවෙන්, උදර්පණ නීති සංශෝධනය තාවකාලිකව අත්හිහුවීමට පියවර ගැනීමට හොංකොං පාලිකා කැරී ලෑම් තීරණය කර ඇත.

හොංකොං ස්වයං පාලන දූපතකි. අතීතයේ චීනයට අයත් කොටසක් විය. 1841 වසරේ සිට හොංකොං බි්‍රතාන්‍යයට යටත්ව පැවැතිණි. ඒ, වසර 99 ක බද්දකිනි. 1997 දී, හොංකොං යළිත් චීනය විසින් පවරා ගන්නා ලදී. හොංකොං පාලිකා කැරී ලෑම් ඇතුළු පාලකයන් චීන හිතවාදීන්ය. හොංකොං හි පවතින්නේ වෙනම නීති පද්ධතියකි.

උදර්පණ නීනි සංශෝධනයක් සිදුවී නව නීති සකස් වුවහොත්, හොංකොං හි සිටින චූදිතයන් කඩිනමින්, චීනයට ගෙන්වා ගැනීමට චීන රජයට හැකිවෙයි. මෙම චූදිතයන් අතර, චීන රජයේ උදහසට ලක් වූ දේශපාලන ක්‍රියාකාරීහු රැසක් ද වෙති.

උදර්පණ නීති සංශෝධනය මගින් හොංකොං හි අධිකරණ ස්වාධීනත්වයට බාධාවක් එල්ල වන බව පෙන්වා දෙමින් පසුගිය දින කිහිපය පුරාවට අති දැවැන්ත විරෝධතා පැවැත්විණි. ඊට සහභාගී වූ ගණන ලක්ෂ ගණනකි.
විරෝධතා හේතුවෙන් හොංකොං හි දෛනික කටයුතු මුළුමනින්ම අඩපණ විය.

කලහකාරීව හැසිරුණු විරෝධතාකරුවන් මර්දනය පොලිසිය යෙදවුණු අතර, හටගත් ගැටුම්වලින් 100 කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ. තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් ද සිටින බව ද වාර්තා විය.

විරෝධතා උස්සන්න වීමත් සමඟ උදර්පණ නීති සංශෝධනය තාවකාලිකව අත්හිටුවීමට තමන්තීරණය කළ බව පාලිකා කැරී ලෑම් පැවැසුවේ විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමිනි.

‘අපි උදර්පණ නීති සංශෝධනය තාවකාලිකව නතර කරනවා පමණයි. එයින් අදහස් වෙන්නේ නැහැ නීති සංශෝධනයක් සිදුවීමක් නොකරන බව. නීති සංශෝධනයක් නිසැකවම සිදු වේවි. ඒ සම්බන්ධයෙන් කල්පනා කර බලන්න කාලය අපි ගන්නවා’ යැයි ලැම් මාධ්‍ය හමුවේ පැහැදිලි කළාය.

හොංකොංහිදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS