උතුරේ නියෝජිතයෝ දකුණට



දකුණු කොරියවේ ලබන මාසයේ පැවැත්වෙන සීත ඔලිම්පික් උලෙළට උතුරු කොරියානු පිළක් සහභාගීවීමට නියමිත අතර, ඊට පෙර, එම කටයුතු සිදුවන අයුරු සොයා බැලීමට උතුරු කොරියාවෙන් විශේෂිත දූත පිරිසක් දකුණු කොරියාවට පැමිණියහ.

මෙම විශේෂ දූත පිරිසට නායකත්වය දෙන්නේ උතුරු කොරියාවේ ජනප්‍රිය පොප් ගායිකා යොන් සොන් වෝල්ය. ඇය ‘මොරාන්බොන්ග්’ නමැති යුවතියන්ගෙන් පමණක් සමන්විත සංගීත කණ්ඩායමක නායිකාවක ද වන්නීය.

යොන් සොන් වෝල් පිරිවරා ගනිමින් උතුරු කොරියානු රජයේත්, එරට ක්‍රීඩා අමත්‍යාංශයේත් නිලධාරීන් පිරිසක් ද දකුණු කොරියාව බලා පැමිණියහ. උතුරු කොරියානු දූත පිරිසට දකුණු කොරියානුවන්ගෙන් ලැබුණේ ඉතා උණුසුම් පිළිගැනීමකි.

සීත ඔලිම්පික් උලෙළ නිමිත්තෙන් උතුරු කොරියාවත් දකුණු කොරියාවත් අතර මේ වනවිට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් යහපත් සබඳතා නිර්මාණය වෙමින් පවතී.

(රොයිටර්)


RECOMMEND POSTS