ඉම්රාන්ගේ කියා තෙන්ඩුල්කාර්ගේ ඡායාරූපයක් පළකරලා



පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ගේ යැයි පවසමින්, ඉන්දීය ක්‍රිකට් තරුවක වන සචින් තෙන්ඩුල්කාර්ගේ ඡායාරූපයක් සිය ට්විටර් ගිණුමේ පළ කළ අගමැති ඉම්රාන්ගේ සමීපතම ආධාරකරුවකු වන නයීම් උල් හක් හාස්‍යයට ලක් වී ඇතැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි.

‘මේ ඉන්නේ අපේ අගමැති ඉම්රාන් ඛාන් 1969 වසරේ දී’ යැයි පවසමින්, එම කළු සුදු ඡායාරූපය නයීම් උල් හක් ප්‍රසිද්ධියට පත් කළ අවස්ථාවේදී එය උපහාසයට ලක් කරමින් නොයෙක් නොයෙක් ට්විටර් පණිවුඩ 700 කට වැඩි ප්‍රමාණයක් පළ වූ බව ද පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS