ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්



ඉන්දුනීසියාවේ ජාවා දුපත රික්ටර් පරිමාණයේ ඒකක 6 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවකින් කැලඹිණි.

භූමි කම්පාවෙන් 7 දෙනකු මියගිය බවත් 20 කට වැඩි පිරිසක් තුවාල ලබා සිටින බවත් වාර්තා වේ. භූමි කම්පාවෙන් දරුණු ලෙස බලපෑම් එල්ල වී ඇත්තේ ගම්මාන කීපයකටය.

තුවාල ලැබූවන් කිහිප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් ඉන්දුනීසියානු පුවත් සේවා වාර්තා කර තිබේ.

 

ජකර්තාහිදීය (රොයිටර්)


RECOMMEND POSTS