ඉන්දු කාශ්මීරයට පැනැවූ තහංචි ලිහිල් කෙරේ



ඉන්දු කාශ්මීර් වැසියන්ට පැනැවූ ඇති තහංචි එකිනෙක ලිහිල් කරන බව ඉන්දීය රජය පවසයි. මේ වනවිටත් ඉන්දු කාශ්මීර වැසියන්ට යළි දුරකතන සබඳතා ලැබී ඇති බව වාර්තා වේ.

මුස්ලම් බහුතරයක් වෙසෙන ඉන්දු කාශ්මීරයේ දුරකතන සහ අන්තර්ජාල සබඳතා අත්හිටුවීමට ඉන්දීය බලධාරීන් කටයුතු කළේ ජනතා නොසන්සුන්තා හටගැනීම වැළැක්වීමේ අරමුණ ඇතිවය. ඒ, ඉන්දීය රජය ඉන්දු කාශ්මීරයට ලබා දුන් විශේෂිත බලතල ඉවත් කළ අවස්ථාවේදීය.

ඉන්දීය රජය වැඩිදුරටත් පවසා ඇත්තේ කාශ්මීරයේ සාමකාමීබව දිගටම පවත්වාගෙන යෑමට ජනතා සහාය හිමිවන්නේ නම්, ජන ජීවිතය යළි යථා සම්පූර්ණයෙන් තත්ත්වයට පත් කිරීමට තමන් පියවර ගන්නා බවය.

මේ අතර, ඉන්දීය බලධාරීන් විසින් නිවාස අඩස්සියට ගත් හිටපු මහ ඇමැතිවරුන් සහ මුස්ලිම් දේශපාලනඥයන් තවමත් මුදා හැර නැති බව ද වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS