ඉන්දියාවේ වේගවත්ම දුම්රිය කැඩිලා



ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය 15 වැනිදා විවෘත කළ ඉන්දියාවේ වේගවත්ම දුම්රිය වන ‘වන්දේ භාරත්’ දුම්රිය ඊයේ (16) කාර්මික දෝශයකට ලක් විය.

දුම්රිය කාර්මික දෝශයකට ලක් වූයේ එය වරණාසි සිට නවදිල්ලි අගනුවර බලා ධාවනය වෙද්දීය. දුම්රියේ තිරිංග පද්ධතියේ දෝෂයක් හේතුවෙන් දුම්රිය ගමන අඩාල වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පසුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

දුම්රියේ තිරංග පද්ධතියේ දෝෂය හටගත්තේ එය දුම්රිය මාර්ගයේ සිටි ගවයකුගේ ගැටීමෙන් පසුව යැයි ද පැවැසෙයි. මෙම දුම්රිය පැයට කිලෝ මීටර් 180 ක වේගයකින් ධාවනය වෙයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS