ඉන්දියාවේ දුම්රියක් පීලි පනී



ඉන්දියාවේ ශීඝ්‍රගාමී මගී දුම්රියක් ඊයේ (19) සවස පීලි පැනීමෙන් 100 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූහ. 200 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කෙරුණාහ.

තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බවත් මරණ සංඛ්‍යාව තව තවත් ඉහළ යා හැකි බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

පීලි පැනීමට ලක් වූයේ පූරි හරිඞ්වාර් කලින්ගා ශීඝ්‍රගාමී මගී දුම්රියයි. පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය මැදිරි 14 ක් දුම්රිය මාර්ගයෙන් පිටතට විසිවී එකපිටඑක ගොඩ ගැසිණි.

දුම්රිය මැදිරි කපා තුවාලකරුවන් පිටතට ගැනීමට මහත් පරිශ්‍රමයක් දැරීමට පොලිසියට, ප්‍රදේශවාසීන්ට සහ සහන සේවකයන්ට සිදුවිය. දුම්රිය පීලි පැනීමට ලක් වූයේ ඊයේ සවස 5.40 ට පමණ දිල්ලියේ සිට කිලෝ මීටර් 115 ක් දුරිනි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS