ඉන්දියාවේ ජංගම දුරකතන ගාස්තු වැඩිවෙයි



ඉන්දියාව ජංගම දුරකතන ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන ඇත. ලොව අඩුම ජංගම දුරකතන ගාස්තු ආ කරන රට ලෙස සැලකෙන්නේ ඉන්දියාවය.

ඉන්දියාවේ ප්‍රධාන දුරකතන සමාගම් වන්නේ වෝඩාෆෝන් ඇතුළු සමාගම් කීපයකි. ඔවුන් ඇමෙරිකන් ඩොලර් බිලියන 10 ක පාඩුවක් ලබා ඇති හෙයින්, මෙසේ දුරකතන ගාස්තු ඉහළ දැමීම සිදුවන බව පැවැසෙයි.

ඉන්දියාවේ දුරකතන ගාස්තු අඩු වීමට හේතුව වූයේ රිලයන්ස් ජියෝ දුරකතන සේවා සැපැයුම් සමාගම ඔවුන්ගේ ගාස්තු අඩු කිරීමය. ඒ අනුව සෙසු සමාගම් වලට ද ගාස්තු අඩු කිරීමට සිදුවිය.

(ඉන්දීය පුවත් සේවා)

 


RECOMMEND POSTS