ඉන්දියාවේ ආසාදිතයෝ ඉහළට



ඉන්දියාවේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 1,000 පසු කරනු ඇතැයි පැවැසෙයි. මේ වනවිට වයිරසය ආසාදනය වී මියගිය ගණන 25 ක් යැයි ඉන්දීය පුවත් සේවා වාර්තා කර තිබේ.

වයිරස ආසාදිතයන් ඉහළ යද්දී ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි ප්‍රමුඛ මධ්‍යම රජය දින 21 ක් සඳහා මුළු ඉන්දියාවම ‘ලොක් ඩවුන්’ කිරීමට කටයුතු කර තිබේ.

තම ගම්බිම් බලා යෑමට නොහැකි වූ ඉන්දියානුවෝ දස දහස් ගණනක් දිල්ලි ප්‍රධාන බස් නැවැතුම්පොළේ පොරකනු එරට මාධ්‍ය ඔස්සේ දකින්න ලැබුණි.

ඉන්දියාවේ ප්‍රාන්ත අතරේ සහ නගර අතරේ දුම්රිය ගමන් තහනම් කර තිබේ. නෙසේ නමුත් පෞද්ගලික බස් රථවලට මගීන් ප්‍රවාහනයට අවසර දී ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS