ඉන්දියාවෙන් ආසාදිතයෝ ලක්ෂ 3 ක්



ඉන්දියාවෙන් අවසන් පැය 24 දී නව කොරෝනා වයිරස ආසාදිතයන් ලක්ෂ තුන ඉක්මවා වාර්තා විය.

ගතවුණු පැය 24දී වාර්තා වී ඇති සමස්ත නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 314,835කි.

එය ඉන්දියාවෙන් මෙන්ම ලොව රටකින් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම් නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ද වෙයි.

මේ වනවිට ඉන්දියාවෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන මිලියන 15.93 කි.

ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී වාර්තා වී ඇති නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 2,104කි.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්තවලට අනුව එරටින් වාර්තා වන සමස්ත නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 184,657කි.


RECOMMEND POSTS