ඉන්දිගෝ - ගෝඑයාර් තහනම්



ගුවන් යානාවල යාන්ත්‍රික දෝෂ රැසක් ඇති බව ඉන්දීය ගුවන් ගමන් පාලන අධිකාරිය විසින් පෙන්වා දෙනු ලැබීමත් සමඟ ඉන්දියාවේ සහනදායී ගුවන් සේවා දෙකක් ලෙස සැළකෙන ‘ඉන්දිගෝ’ සහ ‘ගෝඑයාර්’ ඔවුන්ගේ ගුවන් ගමන් කටයුතු වහා අත්හිටුවීමට තීරණය කළේය.

‘ඉන්දිගෝ’ ගුවන් සේවය ‘ගුරුග්‍රාම්’ සමාගමට අයත් එකක් වන අතර ‘ගෝඑයාර්’ ගුවන් සේවය අයත් වන්නේ ‘වඩීයා’ සමූහ ව්‍යාපාරයටය. ‘ඉන්දිගෝ’ සහ ‘ගෝඑයාර්’ ඉන්දියාවේ අභ්‍යන්තර ගුවන් සේවාවකි.

සහනදායී ගුවන් සේවා ලෙස සැළකෙන මෙම ගුවන් සේවා ඉන්දියානුවන් පමණක් නොව, ඉන්දියාවට පැමිණෙන විදේශිකයන් අතරේ ද ප්‍රසිද්ධියට පත් වි ඇත.

‘ඉන්දිගෝ’ සහ ‘ගෝඑයාර්’ ගුවන් සේවා ගත් මෙම තීරණයත් සමඟ එම ගුවන් සේවාවල සේවය ලබා ගන්නා මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවට පත්වී ඇති බව ද වාර්තා වේ.

ඉන්දීය ගුවන් පාලන අධිකාරිය සිදු කළ සමීක්ෂණයකදී මෙම ගුවන් සමාගම් දෙකට අයත් යාන්ත්‍රික දෝෂ ඇති ගුවන් යානා 11 ක් හමුවී ඇති බවත්, ඒවා කිසිසේත් ගුවන් ගමන් සඳහා සුදුසු නැති බවත් අනාවරණය වුණැයි ඉන්දියාවේ එන්.ඩී.ටීවී. ගුවන් සේවය කියයි.

(එන්.ඩී.ටීවී.)

 


RECOMMEND POSTS