ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ



එලැඹෙන ලෝක් සභා මැතිවරණයට තමන් ඉදිරිපත් නොවන බවත්, කිසිදු දේශපාලන පක්ෂයට තම සහාය නොලැබෙන බවත්, දේශපාලනයට පිවිස සිටින දකුණු ඉන්දීය සුපිරි නළු රැජිණිකාන්ත් කියයි.

68 හැවිරිදි රැජිණිකාන්ත් දේශපාලනයට පිවිස සිටින්නේ ‘රැජිණි ජනතා සවිය’ නමැති දේශපාලන පක්ෂයෙනි.

තමාගේ හෝ තමා අභිනවයෙන් පිහිටුවූ දේශපාලන පක්ෂයේ හෝ ඡායාරූප ප්‍රසිද්ධියට පත් කිරීමට ද කිසිදු දේශපාලන පක්ෂයකට ඉඩ නොදෙන බව ද රැජිණිකාන්ත් වැඩිදුරටත් පවසා ඇත.

රැජිණිකාන්ත් මෙම නව පක්ෂය පිහිටුවමින් නිල වශයෙන් ඉන්දීය දේශපාලනයට පිවිසියේ පසුගිය වසරේය. ඒ, තමිල්නාඩු මහ ඇමැතිනිය වූ ජයලලිතාගේ අභිවයෙන් පසු, තමිල්නාඩු දේශපාලනයේ හිඩැසක් ඇති වුණු බව පෙන්වා දෙමිනි.

චෙන්නායිහිදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS