ඉතාලියේ ආසාදිතයන් 655 ක්



ඉතාලියෙන් හමුවුණු ආසාදිතයන් සංඛ්‍යාව 655 කි.  ඉතාලියෙන් කොරෝනා ආසාදිත මරණ 17 ක් වාර්තා වේ. රෝගී වී සුවය ලැබූවන්ගේ ගණන 45 ක් යැයි පැවැසෙයි. නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉතාලියේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත.

මේ අතර ශුද්ධෝත්තම පාප්තුමන් ද මද අසනීපගතියකින් පසුවන බැවින් දේව මෙහෙයට සහභාගී නොවුණු බව වතිකානය වාර්තා කළේය.

පාප්තුමන් සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයෙන් පෙළෙන බැවින්, දේව මෙහෙය නොපැවැත්වෙන බව වකිතානය නිකුත් කළ නිවේදනයක දැක්විණි. 83 හැවිරිදි ෆ්‍රැන්සිස් පාප්තුමන් එතුමන් පදිංචි වතිකානයේ ශාන්ත මර්තා නිවසේ විවේකීයව සිටින බව ද වතිකානය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS