ඇෆ්ගන් වැසියන් අතරේ තෙරපීමක්



වීසා අයැදුම්පත් ලබා ගැනීමට, පාකිස්තාන ක්‍රීඩාංගනයකට රැස්ව සිටි, ඇෆ්ගන් වැසියන් පිරිසක් අතරේ සිදුවුණු තෙරපීමකින්, කාන්තාවන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් තවත් 23 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ.

මෙම තෙරපීම සිදුවූයේ ජලල්ලාබාද් නුවර ක්‍රීඩාංගනයකය. පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති කාර්යාලය වීසා අයැදුම්පත් ලබා දීමේ එක්දින වැඩසටහනක් මෙම ක්‍රීඩාංගනයේ ආරම්භ කර තිබුණු අතර, පාකිස්තානයේ රැදී සිටින ඇෆ්ගන් වැසියෝ වීසා ඇයැදුම්පත් ලබා ගැනීමට ක්‍රීඩාංගනයට රැස් වී සිටියහ.

කොවිඩ් 19 කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය කාලයේ ඇෆ්ගන් වැසියන්ට වීසා ලබා දීමක් සිදු නොවුණු අතර, එය යළි ආරම්භ කිරීමට පාකිස්තාන රජයේ අවසරය ඇෆ්ගන් තානාපති නිලධාරීන්ට හිමි වී ඇත. එම අවසරය අනුව, වීසා අයැදුම්පත් නිකුත් කිරීමට කටයුතු කළ බවත් එහිදී අවාසනාවන්ත අයුරින් සිදුවුණු තෙරපීමකින් 11 දෙනකු ජීවිතක්ෂයට පත් වූ බවත් පාකිස්තානයේ ඇෆ්ගන් තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක ද සඳහන් වී තිබේ.

ඉස්ලාමාබාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS