ඇෆ්ගන් බෝම්බයට 29 ක් බිලි



ඇෆ්ගනිස්තානයේ ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කර ගනිමින් කාබුල් අගනුවර මුස්ලිම් පල්ලියකට එල්ල වුණු මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 52 කි.

ෂියා මුස්ලිම්වරු ඔවුන්ගේ නව අවුරුදු උදාව හෙවත් ‘නොව්රුස්’ සැමැරීම කරති. බෝම්බ ප්‍රහාරයට ලක් වූයේ එසේ නව අවුරුදු උදාව වෙනුවෙන් දේව හෙඓයකට සහභාගී වෙමින් සිටි පිරිසක් යැයි පැවැසෙයි.

ඇෆ්නිස්තානයට ව්‍යාප්තවී ඇති සුන්නි මුස්ලිම් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්ත සංවිධානයට ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති බව පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS