ඇෆ්ගන් බන්ධනාගාරයකට අයි.එස්. ප්‍රහාරයක්



නැගෙනහිර ඇෆ්ගනිස්තානයේ බන්ධනාගාරයකට අයි.එස්.අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරයක් එල්ල විය. එම ප්‍රහාරයෙන් 29 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

මියගිය 29 දෙනා අතර බන්ධනාගාරයේ නියාමකවරුන්, රැඳෙවියන් පමණක් නොව, සිවිල් වැසියන් කිහිප දෙනකු ද සිටින බව ඇෆ්ගන් පුවත් සේවා වාර්තා කර තිබේ.
ත්‍රස්තයන් කඩා වැදී පහර දුන්නේ නන්ගහාර් පළාතේ බන්ධනාගාරයටය.

ඇෆ්ගන් හමුදාව විසින් අල්ලා ගනු ලැබූ අයි.එස්. සාමාජිකයන් රඳවා තැබුණේ මෙම බන්ධනාගාරයේය. ත්‍රස්තයන් පහර දී ඇත්තේ එම සාමාජිකයන් මුදා ගැනීමට බවත් එය සාර්ථක වී ඇති බවත් ඇෆ්ගන් ආරක්ෂක අංශ පවසයි.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS