ඇෆ්ගන් ජනපති බෝම්බ ප්‍රහාරයෙන් බේරෙයි



ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී සහභාගී වුණු මැතිවරණ රැළියක් ඉලක්ක කර ගනිමින්, ඊයේ (17) මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ජනපතිවරයා ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් නමුත් 26 දෙනකු මියගොස් 48 දෙනෙක් තුවාල ලැබූහ.

ඇෆ්ගන් ජනාධිපතිවරයට තව ඇත්තේ දින 10 ක් පමණි. යළි ජනපති ධුරයට පත්වීමට අෂ්රාෆ් ඝානී සූදානමින් සිටී. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ පර්වාන් පළාතේ චරිකාන් නමැති නගරයේ පැවැත්වුණු මැතිවරණ රැළියටය.

බෝම්බය පුපුරා යද්දී, ජනපතිවරයා කඩිනමින් ආරක්ෂිත ස්ථානයකට රැගෙන යෑමට ඔහුගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක අංශ නිලධාරීහු කටයුතු කළහ.

කාබුල්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS