ඇෆ්ගන් ආරක්ෂක ඇමැති හමුදාපති ඉල්ලා අස්වෙති



ඇෆ්ගන් හමුදා කඳවුරට ඉකුත් දා එල්ල වුණු තලේබාන් ත්‍රස්ත ප්‍රහාරයෙන් ඇෆ්ගන් සෙබළුන් 150 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම මුල්කොට ගනිමින්, ඇෆ්ගන් ආරක්ෂක ඇමැති සහ හමුදාපතිවරයා සිය ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළහ.

ආරක්ෂක ඇමැති අබ්දුල්ලා හබීබී සහ හමුදාපති කඩාම් ෂා ෂහීම් ද ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි තමන්ට බාර දුන් බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඇෆ්ගන් ජනපති අෂ්රාෆ් ඝානී පවසා ඇත.

තලේබාන් ත්‍රස්තවාදීන් 10 දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් කඩා වැදී පහර දුන්නේ උතුරුදිග ඇෆ්ගනිස්තානයේ පිහිටි මසාර් ඊ ෂරීෆ්  නමැති නගරයේ පිහිටි හමුදා කඳවුරටය. ත්‍රස්තවාදීන් 10 දෙනා අතර මරාගෙන මැරෙන බෝම්බකරුවෝ ද සිටියහ. ප්‍රහාරය එල්ල වූයේ පසුගිය සිකුරාදා සවසය.

ප්‍රහාරයෙන් පසු ජාතික ශෝක කාලයක් ප්‍රකාශයට පත් නිරීමට ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ඝානී කටයුතු කළේය. ජනපතිවරයා තුවාල ලැබූ හමුදා සොල්ලාදුවන් බැලීමට රෝහලට පවා ගියේය.

ප්‍රහාරය එල්ල වූයේ යැයි ද පැවැසෙයි. එම අවස්ථාවේ කැඩෙට් භටයෝ පිරිසක් ද කඳවුරෙහි සිටියහ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ 50 කට වැඩි පිරිසක් රෝහල්ගතව සිටින බව ද වාර්තාවේ.

(ඒ.එෆ්.පී./රොයිටර්)

 


RECOMMEND POSTS