ඇලන් කුර්දි පොඩ්ඩා සිහි කෙරේ



යුරෝපයට ගමන් කරන අතරවාරයේදී ජීවිතය අහිමි වූ ඇලන් කුර්දිට ගෞරව දැක්වීම පිණිම මුදා ගැනීමේ නෞකාවක් ඔහුගේ නමින් නම් කිරීමට ‘සී අයි’ නැමැති සංවිධානයක් කටයුතු කර ඇත.

ඇලන් කුර්දි ජීවත් වූයේ සිරියාවේ. යුරෝපයට ගමන් කිරීම සඳහා මුහුදු මගින් ගමන් කරමින් සිටියදී ඇලන් කුර්දි මියගියේ 2015 වසරේදීය. සිරියානු සිඟිත්තා ඇලන් කුර්දි ඒ වනවිට තුන් හැවිරිදි වියේ පසුවිය.

ඔහුගේ නමින් එලෙස නම් කර ඇත්තේ ජර්මානු මුදා ගැනීමේ නෞකාවක් වන අතර එම නෞකාව මධ්‍යධරණී මුහුදේ මෙහෙයුම්වල නිරත වීමට නියමිතය.

ඇලන් කුර්දි ඔහුගේ පවුලේ උදවිය යුරෝපයට ගමන් කරමින් සිටි බෝට්ටුව පෙරළී ගිය අතර දිය ගිලී මිය ගිය කුර්දිගේ නිසල සිරුර තුර්කි වෙරළට පාවවිත් තිබිණි. එහි ඡායාරූප විදෙස් මාධ්‍ය වාර්තා කර තිබූ අතර කුර්දිට බොහෝ දෙනාගේ ආදරය හිමි වූ අතර සිරියාවේ සිවිල් යුද්ධය නිසා ඛේදනීය ජීවිත ගත කරන පොඞ්ඩන් කෙරෙහි ලෝකයේම අවධානය යොමුවිය.
නෞකාව ඇලන් කුර්දිගෙන් නමින් කිරීම සඳහා උත්සවයක් පැවැති අතර ස්පාඤ්ඤයේ මල්ලෝර්කා දූපතේදී එම උත්සවය පැවැත්විණි. ඊට ඇලන් කුර්දිගේ පියා ද එක්ව සිටියේය.

හර්ෂණ තුෂාර සිල්වා
අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS