ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන්



ඇමෙරිකාවේ මීළඟ ජනාධිපති ලෙස තේරී පත් වී සිටින ජෝ බයිඩන් සිය රාජ්‍ය ලේකම්වරයා ලෙස පරිනත රාජ්‍ය තාන්ත්‍රිකයකු වන 58 හැවිරිදි ඇන්තනි බ්ලින්කන් පත් කරනු ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (23) වාර්තා කළේය.

ඔබාමා පරිපාලන සමයේ දී උප ජනාධිපති ධුරය හෙබවූයේ බයිඩන්ය. එම කාලයේ ඇමෙරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දෙවැනියා ලෙස කටයුතු කළේ ඇන්තනි බ්ලින්කන්ය. එමෙන්ම ඔබාමාගේ ජාතික ආරක්ෂක උපදේශකවරයකු ලෙස ද බ්ලින්කන් කටයුතු කළේය.

බ්ලින්කන්, ජෝ බයිඩන්ගේ සමීපතම මෙන්ම විශ්වාසනීය සගයෙකි. ජෝ බයිඩන් වරක් පවසා ඇත්තේ, ඇමෙරිකන් රාජ්‍ය තාන්ත්‍රිකයන් අතර කැපී පෙනෙන තැනැත්තකු ලෙස බ්ලින්කන් සැලකිය හැකි බවය. ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් යනු එරට විදේශ ඇමැති ධුරයයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS