ඇමෙරිකාවට හිම කුණාටුවක්



ඇමෙරිකාවේ ටෙක්සාස් ඇතුළු දකුණුදිගින් පිහිටි ජනපද සහ ප්‍රාන්ත හරහා ප්‍රචණ්ඩ හිම කුණාටුවක් හමා ගියේය.

හිම කුණාටුවත් සමඟ උෂ්ණත්වය සීඝ්‍රයෙන් පහළ ගිය බව පැවැසෙයි. හිම කුණාටුව හේතුවෙන් ප්‍රධාන ගුවන්තොටුපොළ කිහිපයක ගුවන් ගමන් ඇණ හිටියේය. අවලංගුකර දැමුණු ගුවන් ගමන් ප්‍රමාණය 350 ට වැඩිය.

සීතල දරා ගැනීමට නොහැකි වුණු සිවු දෙනකු මියගිය බව ද පැවැසෙයි. ටෙක්සාස්හි ඔස්ටින් නගරය අඩි 30 ක් හිමෙන් යටවී ගියේ යැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දුන්නේය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS