ඇමෙරිකාවට කොකේන් යවලා



ඇමෙරිකාවට ‘කොකේන්’ යැවීමට හොන්ඩුරාස් රාජ්‍යයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට උදව් කළේ යැයි හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලැන්ඩෝ හර්නැන්ඬේස්ට චෝදනා එල්ල වෙයි.

හොන්ඩුරාස් ජනාධිපතිවරයාට මෙසේ චෝදනා එල්ල කර ඇත්තේ ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයන් ය. හොන්ඩුරාස් යනු ලතින් ඇමෙරිකානු රාජ්‍යයකි. ඇමෙරිකන් පරීක්ෂකවරුන් එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හර්නැන්ඬේස් පවසා තිබේ.

ඇමෙරිකාවට කොකේන් යැවීම සඳහා හර්නැන්ඬේස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් විශාල මුදලක් ලබා ගෙන ඇතැයි ද ඇමෙරිකන් ෆෙඩරල් පරීක්ෂකයන් වැඩි දුරටත් පවසා ඇත. එම ගනුදෙනු සිදුවී ඇත්තේ 2013 සහ 2014 වසරවලදීය.

(රොයිටර්)


RECOMMEND POSTS