ඇමෙරිකාව දිගු දුර මිසයිලයක් අත්හදා බලයි



රුසියාව සමඟ නිරවි යුද සමයේ සිට ඇතිකරගත් මිසයිල නිපදවීම සහ අත්හදා බැලීම සම්බන්ධ ගිවිසුම අහෝසි කර දැමීමෙන් පසු, ඇමෙරිකාව ද දිගු දුර කෲස් මිසයිල අත්හදා බැලීමට යොමු වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඇමෙරිකා යුද දෙපාර්තමේන්තුව හෙවත් පෙන්ටගනය, කැලිෆෝනියාවට ඔබ්බෙන් ශාන්ත නිකලස් දූපතේ ඇමෙරිකන් නාවික කඳවුරේ දී මෙම කෲස් මිසයිලය අත්හදා බැලූ බව ඇමෙරිකා මාධ්‍ය වාර්තා පැහැදිලි කර තිබේ.

නිරවි යුද සමය අවසන් වෙද්දී ඇමෙරිකාව සහ රුසියාව අතර එකඟතාවක් ඇති කර ගැණුනේ කිලෝ මීටර් 500 ත් 5,500 ක් අතර සීමාවේ මිසයිල නිපදවීම සහ අත්හදා බැලීම සිදු නොකරන බවටය.

කෙසේ නමුත් රුසියාව නිරන්තරයෙන් මෙම එකඟතාව උල්ලංඝනය කළේ යැයි ඇමෙරිකාව චෝදනා කරන්න විය. ඒ අනුව, ඇමෙරිකාව රුසියාව අතර ඇතිකරගත් එම ගිවිසුම අහෝසි කෙරුණි.

(රොයිටර්ස්)


RECOMMEND POSTS