ඇමෙරිකා හෙලිකොප්ටරයක් කඩා වැටිලා



ඇමෙරිකා හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් ඇෆ්ගනිස්තානයේදී අනතුරට පත්වී කඩා වැටීමෙන් එහි සිටි ඇමෙරිකන් සොල්දාදුවෝ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

හෙලිකොප්ටරය කඩා වැටුණේ ඇයිදැයි යන්න මෙතෙක් අනාවරණය වී නැත. තලේබාන් ත්‍රස්තවාදීන් ඊට පහර දෙන්න ඇතැයි අනුමාන කෙරේ. සිද්ධිය සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ පැවැත්වෙන බව වාර්තා වේ.

(රොයිටර්)


RECOMMEND POSTS