ආසාදිතයන්ට මුදල් තෑගි



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය වැළඳී ඇති බව තහවුරුවීමෙන් පසු එය පැතිරීම වැළැක්වීමට ආරක්ෂිත පියවර අනුගමනය කරමින් රෝහල්වෙත පැමිණෙන පිරිස් සඳහා මුදල් තෑගි ලබා දෙන බව චීනයේ කියැංජියැං නගර බලධාරීහු පවසති.

චීන නගරවල වයිරස ආසාදිතයන් ගණන ඉහළ ගියේත්, මරණ වැඩි ප්‍රමාණයක් වාර්තා වූයේත්, වයිරස ආසාදිතයන් ඔවුන්ගේ රෝගී තත්ත්වයන් ගැන නිසි තැකීමක් කළ නිසා යැයි සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති. ආසාදිතයන් බොහෝ දෙනකු රෝහල් වෙත නොගොස් නිවෙස්වල රැඳී සිටීම හේතුවෙන් ඔවුන්ට මියයෑමට සිදුවිය.

එවැනි තත්ත්වයක් වළක්වා ගැනීමේ පියවරක් ලෙස ආසාදිතයන්ට මුදල් ලබා දීම සිදු කරන බව කියැංජියැං නගර බලධාරීහු පැහැදිලි කරති. කියැංජියැං නගරය ඇත්තේ වූහාන් නුවර සිට කිලෝ මීටර් 150 ක් දුරිනි. ‘කෝවිඞ් 19’ වයිරසය පැතිරීම ආරම්භ වූයේ වූහාන් නුවර කේන්ද්‍රකොට ගනිමිනි. කියැංජියැං නගරයේ මිලියනයක පිරිසක් වාසය කරති.

බීජීංහිදීය (රොයිටර්)


RECOMMEND POSTS