ආසාදිතයන් යළි වැඩි වුණේ විකෘති ප්‍රභේද නිසා නොවේ



ඉන්දියාවේ දෛනික ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන හිටිහැටියේ යළි ඉහළ ගියේ, ‘කොවිඩ් 19’ වයිරසයේ විකෘති ප්‍රභේද නිසා නොවන බව ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පවසති.

තවමත් ලොව දෙවැනියට වැඩිම ‘කොවිඩ් 19’ ආසාදිතයන් වාර්තා වන්නේ ඉන්දියාවෙනි. ඉන්දියාවෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන මිලියන 11 කි. මරණ වාර්තා වන්නේ 1,56,000 ක් ලෙසය. ඉන්දියාවේ සමස්ත ජනගහනය බිලියන 1.35 කි.

ඉන්දියාවෙන් ‘කොවිඩ් 19’ වයිරසයේ නව විකෘති ප්‍රභේද 240 ක් හමුවී ඇතැයි පැවැසෙයි. ඊට අමතරව, මහා බි්‍රතාන්‍යයෙන්, දකුණු අප්‍රිකාවෙන් සහ බ්‍රසීලයෙන් පළමු වරට හමුවුණු නව ප්‍රභේද ද ආසාදනය වූ පුද්ගලයන් මේ වනවිට ඉන්දියාවෙන් හමුවී තිබේ.

‘දෛනික ආසාදිතයන් යළිත් වැඩිවීමට පටන් ගත්තේ සමාජ දුරස්ථභාවය, මුහුණු ආවරණ පැලඳීම කෙරෙහි ජනතා උනන්දුව අඩු වුණු නිසයි. එන්නත් ලබා දෙන නිසා නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපැඳීමට ජනතාව උදාසීන වෙලා. යළි ආසාදිතයන් වාර්තා වීමට පටන් ගත්තේ මේ නිසයි’ යැයි ඉන්දීය සෞඛ්‍ය බලධාරීහු පැහැදිලි කරති.

නවදිල්ලියේදීය (එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS