ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග



ආර්ථික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය ඇමෙරිකානු ආර්ථික විශේෂඥයන් වන විලියම් නොර්දෝස් සහ පෝල් රෝමර් අතරේ සමව බෙදී යනවා යැයි ස්වීඩනයේ රාජකීය විද්‍යාඥයන්ගේ ඇකඩමිය නිවේදනය කර ඇත.

කාළගුණ විපර්යාස සහ නව තාක්ෂණය බද්ධ වන ආකාරය සම්බන්ධයෙන් ආර්ථික විශ්ලේෂණ හරහා ඉදිරිපත් කළ දත්ත සැලකිල්ලට ගනිමින් මොවුන් දෙදෙනාට නොබෙල් ත්‍යාගය හිමිවන බව ස්වීඩනයේ රාජකීය විද්‍යාඥයන්ගේ ඇකඩමිය නිවේදනය කර තිබේ.

දෙදෙනා අතරේ, ස්වීඩන ක‍්‍රවුන් මිලියන 9 ක් (ඇමෙරිකන් ඩොලර් මිලියනයක්* දෙදෙනා අතරේ බෙදී යනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)

 


RECOMMEND POSTS