ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය



ගෝලීය දුප්පත්කම තුරන් කිරීමට ගන්නා ලද සුවිශේෂී උත්සහාය හේතුවෙන් මේ වසරේ ආර්ථික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ආර්ථික විද්‍යාඥයන් තිදෙනකු අතර බෙදී ගියේය.

ඒ අනුව අබිජිත් බෙනර්ජි, එස්තර් ඩුෆ්ලෝ සහ මයිකල් ක්‍රේමර් යන තිදෙනාට ආර්ථික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය හිමිවන විද්‍යා පිළිබඳ ස්වීඩන රාජකීය ඇකඩමිය නිවේදනය කළේය.

අබිජිත් බෙනර්ජි සහ එස්තර් ඩුෆ්ලෝ අඹුසැමියන් වන අතර මහාචාර්ය ඩුෆ්ලෝ ආර්ථිකය විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාගය දිනූ ළාබලාතම තැනැත්තා වන අතර එම ත්‍යාගයෙන් පිදුම් ලැබූ දෙවැනි කාන්තාවද වන්නීය. ආර්ථිකය විද්‍යාව වෙනුවෙන් නොබෙල් ත්‍යාග පිරිනැමීම ආරම්භ කරන්නේ ලද්දේ 1969 වසරේදීය. එස්තර් ඩුෆ්ලෝ මේ වනවිට 46 වැනි වියේ පසුවන්නීය.

මහාචාර්ය අබිජිත් බෙනර්ජි ඉන්දීය ජාතික ආර්ථික විද්‍යාඥයකු වන අතර මහාචාර්ය එස්තර් ඩුෆ්ලෝ  මහාචාර්ය මයිකල් ක්‍රේමර් ඇමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයෝ වෙති. මහාචාර්ය අබිජිත් බෙනර්ජි මහාචාර්ය එස්තර් ඩුෆ්ලෝගේ ආචාර්ය උපාධි සුපරීක්ෂකවරයා ද වේ.

මෙම මහාචාර්යවරුන් තිදෙනා ඉන්දියාවේ සහ අප්‍රිකාවේ දුප්පත්කමින් පෙළෙන ජන ප්‍රජා කෙරෙහි අවධානය යොමු කරමින් වසර ගණනාවක් මුළුල්ලේ පර්යේෂණවල යෙදුණාහ. දුප්පත්කමින් පෙළෙන එම ජනතාව ඉන් මුදා ගැනීමටත් ආයෝජන කිරීම ඉතාම වැදගත් බව පෙන්වීමටත් ඔවුන්ගේ පර්යේෂණ විශාල බලපෑමක් කළේය.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS