ආජන්ටිනා ජනපතිට කොරෝනා



ආජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් ‘කොවිඩ් 19’ ආසාදිතයකු බව තහවුරු වී තිබේ. ජනාධිපතිවරයා මෙසේ ආසාදිතයකු වී ඇත්තේ රුසියාවේ ‘ස්පුට්නික් 5’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීසෙන් පසුවය.

62 හැවිරිදි ජනාධිපතිවරයාට ‘ස්පුට්නික් 5’ එන්නත ලබා දී ඇත්තේ මීට මාස දෙකකට පෙරය. රුසියාවෙන් මිලදී ගත් ‘ස්පුට්නික් 5’ එන්නත ආජන්ටිනා වැසියන්ට බෙදා දීමට සැරැසෙද්දී, එන්නත පළමුවෙන් ලබා ගත්තේ ජනාධිපති ෆර්නැන්ඩස්ය. ඒ, එන්නත ලබා ගන්නැයි ජනතාව උනන්දු කරමිනි.

ජනාධිපතිවරයා පසුගිය දිනවල හිසේ කැක්කුමකින් පසුවුණු බවත්, පසුව ඔහුට උණ ගැණුනු බවත් වෛද්‍යවරු පවසති. උණ ගැනීමෙන් පසු, වෛද්‍යවරුන් මැදිහත් වී ජනාධිපති ෆර්නැන්ඩස් පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ. ඔහු ආසාදිතයකු බව තහවුරු වූයේ ඉන්පසුවය.

බුවනෝර්ස් අයර්ස්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS