අසුපිට නැගි එලිසබත් මහ රැජින



‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ලන්ඩන් නුවර බකිංහැම් මාලිගයෙන් පිටවී, වින්ඞ්සෝර් මාලිගයේ පදිංචි 94 හැවිරිදි වියෙහි පසුවන දෙවැනි එලිසබත් මහ රැජින අසුපිට නැගී සිටින ඡයාරූප පෙළක් මේ වනවිට බි‍්‍රතාන්‍ය මාධ්‍ය ප‍්‍රසිද්ධියට පත් කර තිබේ.

එලිසබත් මහ රැජින සහ සැමියා 98 හැවිරිදි පිලිප් කුමරු ලන්ඩනයේ බටහිර දෙසින් පිහිටි වින්ඞ්සෝර් මාලිගයේ පදිංචියට ගියේ මහා බි‍්‍රතාන්‍යයේ ‘කොවිඞ් 19’ වසංගත තත්ත්නය උත්සන්න වී රට ලොක්ඩවුන් කිරීමට පෙරය. ‘කොවිඞ් 19’ වසංගතය හේතුවෙන් වින්ඞ්සෝර් මාලිගයට කොටු වුණු මහ රැජින සතියකට කිහිප වරත් මේ අයුරින් කළු පැහැ අසුපිට නැගී වතුයාය පුරා ගමන් කරන බව ද වාර්තා වේ.

‘කොවිඞ් 19’ වයිරස වසංගතය හේතුවෙන් මහා බි‍්‍රතාන්‍යයේ වැසියන් පමණක් නොව, ලොව බොහෝ දෙනෙක් ආර්ථික අර්බුදවලට මුහුණ පා සිටිති. මහා බි‍්‍රතාන්‍යය පුරා දෙවැනි එලිසබත් මහ රැජිනට අයත් මාලිගා සහ වතුයාය බොහොමයකි. ඇතැම් මාලිගා සංචාරකයන් සඳහා විවෘත කර තැබෙන නමුත් මේ වනවිට ඒ සියල්ල ‘කොවිඞ් 19’ වයිරසය හේතුවෙන් වසා දමා ඇත. ඒ අනුව, මහ රැජිනගේ ආදායම් මාර්ග බොහොමයක් නැවැතී ඇති බව ද බි‍්‍රතාන්‍ය පුවත් සේවා පෙන්වා දෙයි.

ලන්ඩනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS