අයෝධ්‍ය දෙවොලට මෝදි මුල්ගල තබයි



ඉන්දියාවේ අයෝධ්‍යා නුවර ‘රාම් මන්දිර්’ නමැති හින්දු කෝවිලට මුල්ගල තැබීම, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රධානත්වයෙන් සිදුවිය.

මුල්ගල තැබීමේ උත්සවය ‘භූමි පූජන්’ යනුවෙන් නම් කර තිබුණු අතර, ‘කොවිඞ් 19’ කොරෝනා වයිරස වසංගතය හේතුවෙන් ඊට සහභාගී කර ගැණුනේ සීමිත පිරිසක් පමණි.

අගමැති මෝදිගේ පැමිණීම නිමිත්තෙන් අයෝධ්‍යාවට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා තිබුණි. අයෝධ්‍යා යනු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ නගරයකි. අයෝධ්‍යාව රාම කුමරුන් (පසුව රාම දෙවියන්) ගේ උපන් ස්ථානය ලෙස ඉන්දීය හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.

රාම් දෙවියන් වෙනුවෙන් ‘රාම් මන්දිර්’ මහා කෝවිල ඉදිකිරීම සඳහා මුල්ගල තැබීමට තමන්ට අවස්ථාව උදාවීම වාසනාවක් යැයි අගමැති මෝදි එම අවස්ථාවේ පැමිණ සිටි පිරිස් අමතමින් පැවැසුවේය. ‘රාම් මන්දිර්’ කෝවිල ඉදිවනු ඇත්තේ ඉන්දීය රජයේ අනුග්‍රහයෙනි.

අයෝධ්‍යාහිදීය (ඒ.එෆ්.පී)

 


RECOMMEND POSTS