අප්‍රිකාවේ කොරෝනා ලක්ෂයයි



අප්‍රිකානු රටවලින් මේ වනවිට ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා ආසාදිතයන් ලක්ෂයක් වාර්තා වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කර තිබේ.

අප්‍රිකා මහද්වීපයේ සෑම රටකින්ම පාහේ මේ වනවිට ආසාදිතයන් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

අප්‍රිකා රටවලින් ‘කොවිඞ් 19’ මරණ 3,100 ක් වාර්තා වන බව ද පැවැසෙයි. සෙසු මහද්වීපවල මෙන් නොව, අප්‍රිකාවේ ‘කොවිඞ් 19’ වයිරසය පැතිරීමේ යම් අඩුවක් දකින්න ලැබෙන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය වැඩිදුරටත් පවසා ඇත.

(අල් ජසීරා)


RECOMMEND POSTS