අගමැති මෝදි දීපවාලී සමරයි



ඉන්දීය අගමැති නරේව්ද්‍ර මෝදි සෑම වසරකම දීපවාලි සැමැරීම සිදු කරන්නේ ඉන්දීය සොල්දාදුවන් පිරිවරාගෙනය.

මෙම වසරේ ඒ සඳහා ඔහු ජම්මු කාශ්මීරයේ ගුරේස් නුවරට ගිය බව ඉන්දීය පුවත් සේවා වාර්තා කරයි. මෝදි, ඉන්දීය සොල්දාදුවන් ද සමඟ දීපවාලී සැමැරීමට කාශ්මීරයට ගිය දෙවැනි අවස්ථාව මෙය වෙයි.

අගමැති මෝදි, දේශසීමාවේ බන්දිපෝරා දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරේදී සොල්දාදුවන් සමඟ දීපවාලී සැමැරුමකට එක් වූයේ රස කැවිලි ද බෙදා ගනිමිනි. එම අවස්ථාවට ඉන්දීය හමුදාපති ජනරාල් බිපින් රවාත් ඇතුළු හමුදා ප්‍රධානීන් ද එක් වුණු බව පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS