සරණාගතයෝ බෙංගාල බොක්කේ දූපතකට



මියන්මාරයේ ගැටුම් හේතුවෙන් පණ බේරා ගනිමින් පලාවිත්, බංග්ලාදේශ දේශසීමාවේ සරණාගත කඳවුරුවල ජීවත් වන මියන්මාරයේ රොහින්ග්‍යා මුස්ලිම් සරාණාගතයන් බෙංගාල බොක්කේ දූපතකට රැගෙන යෑමට බංග්ලාදේශ රජය සූදානම් වෙයි.

මේ බව නිවේදනය කළේ බංග්ලාදේශයේ සරණාගතයන් පිළිබඳ මහ කොමසාරිස් මහබුබ් අලාම්ය. රොහින්ග්‍යා සංක්‍රමණිකයන් භාෂාන් චාර් දූපතට රැගෙන යෑමට පියවර ගන්නා බවත්, සංක්‍රමණිකයන්ගෙන් 700 ක පිරිසක් ඊට කැමැත්ත පළ කර ඇති බවත් මහබුබ් අලාම් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

රොහින්ග්‍යා සරණාගතයන්ගේ දූපතට ගෙන ගොස් පදිංචි කිරීම එලැඹෙන දෙසැම්බරයේ දී ආරම්භ වනු ඇතැයි ද පැවැසෙයි.

ඩකාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS