විදේශිකයෝ 88 ක් පිටුවහල්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය හේතුවෙන්, සිදුවන නිරෝධායන ක්‍රියාවලිය කඩ කළ විදේශිකයන් 88 දෙනකු රටින් පිටුවහල් කිරීමට රුසියාව පියවර ගෙන ඇත.

මෙම විදේශිකයන් අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ මොස්කව් නුවර කළ වැටලීම්වලදීය. රුසියාවේ මොස්කව් අගනුවරින් මෙතෙක් කිසිදු කොරෝනා රෝගියකු හමුවී නොමැති නමුත්, වයිරසය පැතිරීමේ අවදානමක් පවතින බව මොස්කව් නියෝජ්‍ය පුරපති අනස්ටාෂියා රකෝවා පවසා ඇත.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS