වයිරසය පහසුවෙන් ඉන්දියාවේ පැතිරෙන්න පුළුවන්



‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය සීඝ්‍රයෙන් ඉන්දියාවේ පැතිරීමේ අවදානමක් පවතින බවත්, වයිරසය පාලනය කිරීමට ඉන්දීය ප්‍රාන්ත සූදානම් නොමැති බවත් ඇමෙරිකන් බුද්ධි අංශ ඊයේ (28) පැවැසීය.

ඉන්දියාවෙන් නව කොරෝනා වයිරස ආසාදිතයන් තිදෙනකු හමුවී ඇති අතර, එම තිදෙනාම සම්පූර්ණයෙන් සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් ඇතැයි ඉන්දීය රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ඉන්දියාවේ නව කොරෝනා වයිරසය පැතිරීමට ඉඩක් ලබා නොදෙන බවය.

මේ අතර ඉන්දියාවේ අසල්වැසියා වන පාකිස්තානයෙන් ද කොරෝනා ආසාදිතයන් දෙදෙනකු හමුවී ඇතැයි වාර්තා වේ. පාකිස්තානයෙන් කොරෝනා ආසාදිතයන් හමුවුණු පළමු අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS