වයිරසයට එරෙහි සටනට මිලියන 290 ක ණයක්



චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයේ පැතිරෙන වයිරසය පැතිරීම වැළැක්වීමේ පියවර සඳහා චීන මහ බැංකුව වූහාන් නගර බලධාරීන්ට ඇමෙරිකන් ඩොලර් බිලියන 290 ක මුදලක් ලබා දී ඇතැයි වර්තා වේ.

මෙම ණය මුදල ලබා දී ඇත්තේ හදිසි ණය මුදලක් ලෙස යැයි චීන මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. වූහාන් නගරය මේ වනවිට සීල් තබා ඇති අතර, අත්‍යාවශ්‍ය කරුණක් හැර නගරයෙන් පිටවීම හෝ නගරයට පැමිණීම හෝ කළ නොහැකි බව පැවැසෙයි.

වූහාන් නගරය පමණක් නොව, චීනයේ නගර රැසකට වයිරසය පැතිර ඇති හෙයින්, එම නගර ද සීල් තැබීමට බලධාරීන් පියවර ගෙන ඇතැයි වාර්තා වේ.

(අල් ජසීරා)


RECOMMEND POSTS