ලාංකික සම්භවයක් යුතු අයෙක් මරුට



කොරෝනා වයිරසය ආසාදනය වීමෙන්  ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු එරට මෙල්බර්න් නුවරදී මිය ගොස් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සදහන් කර සිටී.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවරුදු 52ක් වු සුමිත් ප්‍රේමචන්ද්‍ර  නැමැත්තෙකුය.ඔහු කොළඹ වෙස්ලි විද්‍යාලයේ ආදි සිසුවෙකුද වේ.

මෙම පුද්ගලයා කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ද සේවය කර ඇති අතර ඕසේට්‍රේලියාවේ දී සූපවේදියෙකු ලෙස රැකියාවේ නිරත වී ඇත.ඉන්පසුව ඔහු එරට පුරවැසිභාවය ලබා ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර කාලයක සිට පදිංචිව සිටින්නෙකි.

ඔහු මෙල්බර්න් නුවරදී මෙම වයිරසය ආසාදනය වී මියගොස් ඇත.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS