බිහාරයේ හිටපු මහ ඇමැති හිරේ



ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ හිටපු මහ ඇමැතිවරයකු වන ලාලූ ප්‍රසාද් යාදේව් ට වසර තුනහමාරක සිර දඬුවමක් සහ ඉන්දීය රුපියල් ලක්ෂ පහක දඬමුදලක් නියම කිරීමට බිහාර් අධිකරණයක් පෙරේදා (6) කටයුතු කළේය.

බිහාර් ප්‍රාන්ත භාණ්ඩාගාරයේ මූල්‍ය වංචා රැසක් සිදු කළේ යැයි යාදේව්ට චෝදනා එල්ල වී තිබුණු අතර ඔහු අධිකරණය හමුවේ ඊට වරදකරු විය. සිර දඬුවම සහ දඬ මුදල නියම කෙරුණේ ඒ අනුවය.

ලාලූ ප්‍රසාද් යාදේව්, රාෂ්ත්‍රීය ජනතා දාල් පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේය. ලෝක් සභා සාමාජිකයකු මෙන්ම ඉන්දියාවේ දුම්රිය ඇමැති ධුරය ද හෙබවීය. දුම්රිය ඇමැති ලෙස යාදේව් කටයුතු කළේ 2004 වසරේ සිට 2009 දක්වාය. බිහාර් මහ ඇමැති ලෙස ඔහු කටයුතු කළේ 1995 වසරේ සිට 1997 තෙක් කාලයේය.

(එන්.ඩී.ටීවී.)


RECOMMEND POSTS